BREAKING NEWS
Search

ජාතික ඖෂධ නියාමක අධිකාරිය සහ විද්යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක මෘදුකාංග භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරකරණය නියෝග කරයි

84

ජාතික ඖෂධ නියාමක අධිකාරිය සහ විද්යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක මෘදුකාංග භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූනි 09 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරකරණය ඊයේ (08) නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ යසන්ත කෝදාගොඩ සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ සමනවිත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව සෙසු වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත්
විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාරිශ්‍රවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්හ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස එපික් ලංකා සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ
වගඋත්තරකාර සමාගම වගඋත්තරකාර එපික් ලංකා සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගය ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම විද්‍යුත් ගමන් බලපත් නිකුත් කිරීමේ කටයුතු සඳහා මේ වනවිටත් යොදා ගන්නා බවයි.

ඉකුත් කාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හරහා දත්ත වංචාවක් සිදු වී ඇති බවට කරුණු වාර්තා වී තිබුණු බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

එම වාතාවරණය හමුවේ වග උත්තර කාල සමාගමේ තවදුරටත් භාවිතා කිරීම තුළින් දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එබැවින් මෙම කටයුතු සඳහා අදාළ මෘදුකාංගය භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *