හිතාමතාම නැති කරන්න හදන යොවුන් ක්‍රිකට් තරුව…

542

පවන් රත්නායක කියන්නේ ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ කරන මිනිස්සු සෑහෙන්න කතා කරපු දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්…

කාටහරි උවමනාවක් තියෙනවා පවන් රත්නායක කියන්නේ එක්දින තරග ක්‍රීඩා කරන්න නොසුදුස්සෙක් කියලා පෙන්නන්න.

එහෙම කියන්නේ මේ හින්දා…

01. අද තරගයට කලින් ඊයේ මාධ්‍ය හමුවේදී නායක චරිත් අසලංකම කියනවා පවන් රත්නායක කියන්නේ ලොකු ඉනිම් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් ඒක නිසා එයාව ටොප් ඕඩර් එකේ බැට් කරන්න එවන්න ඕනි කියලා…
එහෙම කියලා අද කොහෙන්වත් ආපු දනංජය ද සිල්වා කෙනෙක් අංක හතරට ඇවිත් පවන්ව අදට අංක හත ක්‍රීඩා කරනවා.
පවන් කියන්නේ අංක හතර, පහ ලකුණු කඳු ගණන් ගහලා අමාරුවෙන් නැශනල් ටීම් එකට ආපු කොල්ලෙක්..
පවන් කියන්නේ අංක හත ගහන්න ඕනි පවර් හිටර් කෙනෙක්වත් ෆිනිෂර් කෙනෙක්වත් නෙමෙයි ඒක නායකයා වගේම පුහුණුකරු තේරීම් කමිටුවත් නොදන්නවා නෙමෙයි.

02. ඇයි පවන් අංක හත ගහන්නේ ? අපේ අංක හතේ තිබුණු අවුල මොකද්ද ? මීට කලින් අපේ අංක හත ක්‍රීඩා කරේ කමිඳු මෙන්ඩිස්.. කමිඳු අංක හත පිතිකරුවෙක් ලෙස ඒ ස්ථානයේ ස්ථාවර වෙමින් හිටියේ…
කමිඳුගේ අංක හත පිතිකරුවෙක් ලෙස එක්දින පිතිකරන සාමාන්‍යය 41.25ක්… ප්‍රහාරාත්මක වේගය 112.24ක්… ක්‍රිකට් තේරෙන ඕනි පොඩි ළමයෙක්ට තේරෙනවා මේක ඉතාම හොඳ දත්තයක්… කමිඳුව අංක හතෙන් ගලවන්න කිසිම අවශ්‍යතාවයක් නැ…

හැබැයි අද කමිඳුව ටීම් එකෙන් ඩ්‍රොප් කරලා ඒ වෙනුවට දනංජය ද සිල්වා අහසින් පාත් වෙනවා.
03. කන්ඩායමේ අංක හතර පිතිකරන ස්ථානයට පුරප්පාඩුවක් තිබුනා. සදීර ක්‍රීඩා කරත් ඔහුගෙන් බලාපොරොත්තු වුනු ලොකු ඉනිම් ලැබුනේ නැ… කන්ඩායමේ මේ වෙද්දී ප්‍රශ්නයක් කියලා තිබුනේ ආරම්භක පිතිකරුවෙක්ගේ තැන සහ අංක හතර පිතිකරන ස්ථානය විතරයි. ඉතුරු සියලුම ස්ථාන වලට අදාළ පිතිකරුවන් දක්ෂතා අතර හිටියේ…
ආරම්භක පිතිකරුවෙක් ලෙස කමිල් මිෂාරව ආදේශ කරා.
අංක හතර පුරප්පාඩුවටත් පැහැදිලි විකල්පය සංචිතයේ තිබුනා. ඒ තමයි පවන් රත්නායක. හැබැයි ඔහුට සුදුසු තැන ක්‍රීඩා කරන්න නොදී මෙයාලා අමු විකාරයක් කරනවා.

මේවා නොතේරෙන්න මේ බබ්බු නෙමෙයි. ඔතන ඉන්නේ සෑහෙන ක්‍රිකට් ගැන දැනුමක් තියෙන මිනිස්සු..
හැබැයි ඒ දැන දැනත් පවන් රත්නායක කියන පිතිකරුවා කවදාවත් ක්‍රීඩා නොකරපු පිතිකරන ස්ථානයක ක්‍රීඩා කරවලා ඔහු එක්දින තරග වලට නොසුදුස්සෙක් කියලා පෙන්වන්න උත්සහා කරනවා.
කලකිරෙනවා..!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!