එංගලන්තය එක්ක පලමු එක්දින තරගයෙන් ලකුණු 19ක සුපිරි ජයක් ලබන්න අපේ කොල්ලෝ සමත් වුනා. සමස්තයක් ලෙස ගොඩාක් හොඳ Positive දේවල් මේ තරගයේ අපේ අයගෙන් තිබුනා. Batting Bowling Fielding අංශ තුනෙන්ම,
ඒ නිසාම මේ ජයග්‍රහණය අපිට හිමි වුනේ…
පිතිකරනයේදී කුසල් මෙන්ඩිස් හොඳ ඉනිමක් ක්‍රීඩා කරා. කන්ඩායමට අවශ්‍යම මොහොතේ ඔහු ඇවිත් ඇන්කර් රෝල් එක ගත්තා. මේ ඉනිම ශතකයක් බවට පරිවර්තනය කරා නම් වටිනාකම කියලා නිම කරන්න බැ…
ජනිත් ලියනගේ ඇවිත් ප්‍රෙෂර් සිටුවේශන් එකේ මෙන්ඩිස්ට හොඳ සහයක් දුන්නා. ලකුණු 46ක් රැස් කරා…
ඒ සේරම එක්ක මේ තරගයේ තීරණාත්මක ඉනිම ගැහුවේ දුනිත් වෙල්ලාලගේ. ඔහු ඇවිත් නොදැවී ලකුණු 25ක් පමණක් රැස් කරාට මේ ලකුණු 25 සම්පූර්ණ ශ්‍රී ලංකා ඉනිම කනපිට පෙරලුවා. වෙල්ලා ඇවිත් අවසන් පන්දුවාරයේ ගහපු ඒ ලකුණු ටික නැත්නම් බොහෝ දුරට මේ ජයග්‍රහණයත් අපිට නැ…
ඉලක්කය ලකුණු 272ක්…
දවස් තුනකට කලින් ඇවිත් අපේ කන්ඩිශන් වලට සූදානම් වෙන්න ලොකු කාලෙකුත් නැතුව එංගලන්තයේ ජෝ රූට් සහ බෙන් ඩකට් එකතු වෙලා විශිෂ්ට සබඳතාවක් ගොඩ නගනවා.
මේ කඩුලු දෙක අද තරගයේ තීරණාත්මක කඩුලු දෙකක්.. එතනිනුත් විශේෂයෙන්ම දනා ගත්ත රූට්ගේ විකට් එක. රූට් කියන්නේ කවදත් ලංකාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කරන පිතිකරුවෙක්.. මේ කඩුලු දෙකෙන් පස්සේ නැවතත් අපේ කොල්ලෝ තරගයට අවතීර්ණ වෙනවා.
ජෙෆ්රි වැන්ඩසේ වනිඳුගේ අඩුව දැනෙන්න නොදී අදත් ලකුණු 39කට කඩුලු 2ක් අරගන්නවා.
පිත්තෙන් වගේම පන්දු යැවීමෙන් දුනිත් වෙල්ලාලගේ තීරණාත්මක කඩුලු දෙකක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි අමාරු උඩ පන්දුවක් එක්ක උඩ පන්දු ද්විත්වයකුත් අරන් තරගයේ සැබෑම වීරයා වෙලා ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යනවා.
ලැබූ ජයෙන් ප්‍රීති වූවාට අපි අද තරගයේ වුනු වැරදි අමතක කරන්නත් හොඳ නැ… අංක හත පිතිකරුවෙක් ලෙස සාර්ථක වෙලා හිටපු කමිඳු මෙන්ඩිස්ට නැවතත් ඔහු සාර්ථක වෙමින් හිටපු ස්ථානය ලබා දියයුතුයි.
මේ කරන්නේ පවන්ට වගේම කමිඳුටත් ලොකු අසාධාරණයක් !
පවන් රත්නායක කියන්නේ මුල්පෙල පිතිකරුවෙක්… ඔහු ක්‍රීඩා කරනවා නම් කන්ඩායමේ ස්ථානයක් තියෙයි. ඒ අංක හතර. ඒ තැන ඌට දෙන්න බැරි නම් දනංජය එක්කම යන්න ඕනි නම් බොරුවට පවන්ගේ කැරියර් එක විනාශ නොකර ඊලග තරගයෙන් අයින් කරත් කමක් නැ…
ඌ ඩොමැස්ටික් එකේ ලකුණු ගහලා හරි ආයෙමත් ටීම් එකේ උගේ ප්ලේස් එකට තරග කරයි. නිකරුනේ උගේ කැරියර් එක විනාශ කරනවට වඩා ඒක හොඳයි.
ඉතිං අඩුපාඩු හදාගෙන දෙවෙනි තරගයත් දිනලා වේලාසනින්ම තරගාවලි ජයක් ලබා ගමු..! එහෙම උනොත් අපිට පුළුවන් අවසන් තරගයේදී බෙන්ච් ස්ට්‍රෙන්ත් එකටත් අවස්ථාවක් දීලා බලන්න. ලෝක කුසලානය අත්‍යාවශ්‍ය ක්‍රීඩකයින් කිහිපදෙනෙක් විවේක ගන්වන්න. ඒ සේරම කරන්න ඊලග තරගය අපි දිනන්න ඕනි.
සුබපැතුම් අපේ කොල්ලන්ට..
✍ | Rishie Bro







