BREAKING NEWS
Search

අඩු මිලට අලුත්ම වාහන ගෙන්වන්න යනකොට, වාහන ආනයනකරුවන්ගෙන් වසර 7ක් පරණ වාහන ගේන්න යෝජනාවක්..!

67

වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බව වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඒ අනුව අවුරුදු 07ක් පැරණි ජපන් වාහන ආනයනය කිරීමට අවස්ථාව ඉල්ලා තිබේ.

ඒ අනුව කටයුතු කිරීමෙන් එක් වාහනයක් ගන්නා මුදලින් වාහන 04ක් මිලදී ගැනීමට හැකි වෙයි.

එමගින් විදේශීය විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙයි.

ජනතාවට දරා ගත හැකි මිලකට ඒ අනුව වාහනයක් මිලදී ගැනීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *