මෙය හරිම දෛවෝපගත සිද්ධියක්..
එක් පැත්තකින් ඒ ගැන එහෙම කියද්දී, මේ ඛේදවාචකයටම ඈඳුණු තවත් කතාවක් දැනගන්නට ලැබෙනවා..
ඒ මීට අවුරුදු කිහිපයකට කළින් සිදුවුණු ඒ අඳුරු මතකය යළි අලුත් වුණාද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
අනතුරට පත් වූ යානය 171 යානයක් වන අතර, දෛවෝපගත සිදුවීම මොකක්ද..? ඉන්දියානු ගුවන් සේවයේ 171 ගුවන් යානය , 1976 ඔක්තෝබර් 12 වන දින බොම්බායි ගුවන්තොටුපලේ හදිසි ගොඩබෑමක් කිරීමට උත්සහ කිරීමේදී මෙලෙසම කඩා වැටී තිබෙනවා.. එහි සිටි මගින් 95දෙනාම මිය ගිය අතර, අනතුරට හේතු වී ඇත්තේ, එන්ජිමේ සිදුවී ඇති කාර්මික දෝෂයක්..
එසේම පුද්ගලයන් 242 දෙනකු සමඟ ලන්ඩන් බලා පිටත්ව ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක් ඊයේ ඉන්දියාවේ බටහිර අහමදාබාද් නගරයෙන් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකට පසු අනතුරට පත්ව බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා..
ඉන්දියාවේ ෆ්‍රෙඩරල් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , අනතුර ඛේදජනක බවයි..
අනතුර සිදුවෙන අවස්ථාවේ ගුවන් යානයේ බිත්‍රානයේ ගැට්වික් ගුවන් තොටුපළ වෙත ගමන් කරමින් තිබු බව එයාර් ඉන්දියා සමාගම පැවසුවා..
පසුව පොලිසිය තහවුරු කළේ එය ගුවන් තොටුපළ ආසන්නයේ සිවිල් ජනයා වෙසෙන ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි..
එමෙන්ම උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබුණේ යානය කඩා වැටුණු ස්ථානයේ තිබු ගොඩනැගිල්ල වෛද්‍ය නේවාසිකාගාරයක් බවයි..
අනතුරට පත් යානයේ සිටි පුද්ගලයින් 242 දෙනා අතරට වැඩිහිටියන් 217ක් සහ ළමුන් 11ක් ඇතුළත් බවද රොයිටර් පුවත් සේවය පවසා තිබෙනවා..
ඔවුන්ගෙන් 169 දෙනෙකු ඉන්දීය ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බිත්‍රානය ජාතිකයන් , හත් දෙනෙකු පෘතුගාල ජාතිකයන් සහ එක් කැනේඩියානු ජාතිකයෙකු බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කර තිබෙනවා..
රෝහල් ආශ්‍රිත වාර්තා මගින් පැවසුවේ ගිලන් රථවලින් තුවාලකරුවන් රැගෙන ආ බවයි.
අහ්මදාබාද් ගුවන් තොටුපලේ ගුවන් ගමනාගමන පාලනයට අනුව , යානය පිටත්ව තිබුනේ ඊයේ පස්වරු 1.30ට ධාවන පථය 23සිටයි..
එය හදිසි අවස්ථාවක් සඳහන් කරමින් ඇමතුමක් ලබා දී ඇති නමුත් ඉන් පසුව ගුවන් යානයෙන් ප්‍රතිචාරයක් ලැබී නොතිබුණි..
කෙසේ වෙතත් , ගැටළු රාශියකින් ජය ගැනීමට අරගල කරමින් සිටින බෝයින් සමාගමට මෙම කඩා වැටීම විශාල පහරක්..