BREAKING NEWS
Search

“මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියලා නිතරම කීවා…” රටක් සංවේදී කරමින් හදිසියේම අප අතරින් සමුගත් රජවක විද්‍යාලයේ සිසුවාගේ ආච්චි කී කතාව

2083

මේ තවත් සංවේදී කතාවක්…

මේ කතාව ඇහෙන්නේ රජවකින්…

“මේ දරුවා හැදී වැඩුණේ මා ළඟයි. මීට වසර කීපයකට පෙර සිට මොහුගේ මවුපියන් වෙන් වී ජීවත්වනවා. මෙම දරුවාගේ පියා ඉන්නේ බෙලිඅත්තේ. ඉකුත් 12 දා දහවල් එකයි තිහට පමණ මට ආරංචි වුණා රජවක විද්‍යාලයට බෝ ගසක කොටසක් කඩා වැටිලා කියලා. මගේ මුණුබුරා එම පාසලේ 13 වසරේ ඉගෙනුම ලබනවා. මට හරියට බය හිතුණා. පසුව පාසලට යන විට මේ දරුවා ඇතුළු දරුවන් පිරිසක් තුවාල ලබා බලන්ගොඩ රෝහලට යැවූ බව දැන ගත්තා. මම රෝහලට ගියා. එහිදී දැන ගන්නට ලැබුණා මේ දරුවා මියගියා කියා.

මොහු ඉගෙන ගන්න හරිම දක්ෂයි. මට නිතරම කිව්වා ආච්චි මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියා. මම උයන කෑම හරිම රසයි කියා නිතර කියනවා. ඒ සියලු බලාපොරොත්තු සුන්වුණා” යැයි හදිසියේ මියගිය ඩබ්ලිව්. ඒ. කිවිර හිරුජය සිසුවාගේ මරණය පිළිබඳ පරීක්ෂණයේදී ඔහුගේ ආච්චි වූ රජවක බිබිලවල ගමේ පදිංචි එල්. හේමාවතී නමැති අය සාක්ෂි දෙමින් එසේ සංවේදී වුණා.

බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය විසින් පාසල් ගොඩනැගිල්ලට ගස කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදී.

මෙහිදී මියගිය සිසුවාගේ පියා වූ ඩබ්ලිව්. ඒ. අජිත් චන්ද්‍රසිරි නමැති අය පුතාගේ සිරුර හඳුනා ගත් අතර පුතා ඔහුගේ ආච්චි ළඟ හැදුන වැඩුන බව සාක්ෂි දෙමින් පැවසීය.

බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඊ. ඒ. රණසිංහ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර සාක්ෂි මෙහෙයවීම බලන්ගොඩ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. ඩබ්ලිව්. සුනිල් මහතා විසින් සිදු කරන ලදී.

මෙම අනතුර පසුගිය 12වෙනිදා පස්වරු 1.15 ට පමණ අවසන් පීරියඩ් එකේදී සිදු වූ බව පරීක්ෂණයේදී හෙළිවිය.
“දිවයින” ඇසුරින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *