දුනිත් වෙල්ලාලගේ කියන්නේ All Rounder කෙනෙක්.. නිකන්ම නිකන් All Rounder කෙනෙක් නෙමෙයි. ලෝකයේ ගත්තත් හරි අඩුවෙන් ඉන්න Genuine Allrounder කෙනෙක්…
යලි යලිත් මේ දස්කම් වලින් වෙල්ලා ලෝකෙටම පෙන්වන්නේ හදන්නේ ඒ නියම තුන් ඉරියව් ක්‍රීඩකයාව,
පිත්තෙන් අත්‍යාවශ්‍ය ලකුණු 25ක් වේගයෙන් ලබාගෙන පන්දුවෙන් කඩුලු 2කුත් අරන් පන්දු රැකීමෙන් අතිවිශිෂ්ඨ උඩ පන්දුවකුත් එක්ක උඩ පන්දු තුනක් අරන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්නලා එංගලන්තය එක්ක පලමු එක්දින තරගයේ වීරයා වුනා.
තුන් ඉරියව් ක්‍රීඩකයින් අපිට වර්ග තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්… Batting Allrounder ඒ කියන්නේ පිතිකරනය මූලික කරගත්ත තුන් ඉරියව් ක්‍රීඩකයින්… එතකොට ඒ ක්‍රීඩකයා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුනාට ඒ ක්‍රීඩකයාගෙන් කන්ඩායමට ලැබෙන්න ඕනි ප්‍රධානම රාජකාරිය වෙන්නේ එයාගේ පිතිකරනය.. දනංජය ද සිල්වා කියන්නේ එහෙම Batting Allrounder කෙනෙක්… ලංකාවේ හුගාක් ෆෑන්ස්ලා පටල ගන්නේ මෙන්න මේක… Bowling Allrounder ඒ කියන්නේ පන්දු යැවීම මුල් කරගත්ත තුන් ඉරියව් ක්‍රීඩකයින්.. එතකොට ඒ ක්‍රීඩකයා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුනාට කන්ඩායමට ලැබෙන්න ඕනි ප්‍රධානම රාජකාරිය වෙන්නේ එයාගේ පන්දු යැවීම.. වනිඳු හසරංග කියන්නේ පන්දු යැවීම මූලික කරගත්ත තුන් ඉරියව් ක්‍රීඩකයෙක්…
එතකොට අනිත් කොට්ඨාසය තමයි Genuine Allrounder. එංගලන්තයේ සෑම් කරන්, බෙන් ස්ටෝක්ස් කියන්නේ ඒ වගේ Genuine Allroundersලා. මෙයාලට පිතිකරනය වගේ පන්දු යැවීමත් එක හා සමානව පුළුවන්… ඉන්දියාවේ හර්ඩික් පාණ්ඩ්‍ය, ජඩේජා කියන්නෙත් එහෙම අය…
ලංකාවේ මේ ලෙවල් එකට හදන්න පුළුවන් Genuine Allrounder කෙනෙක් තමයි දුනිත් වෙල්ලාලගේ කියන්නේ… ලෝකෙම ගත්තත් එහෙම අය හරි අඩුයි
අන්න ඒකයි වෙල්ලා අපිට මේ තරම් සම්පතක් වෙන්නේ…
වෙල්ලා ජාතික කන්ඩායමට එන්නේ 2022දී… හැබැයි තාමත් වෙල්ලාට කන්ඩායමේ නිශ්චිත තැනක් වෙන් වෙලා නැ…
කන්ඩායමට එනවා යනවා. පහුගිය කාලේ අපි වෙල්ලාව පාවිච්චි කරේ අපේ තුන්වෙනි දඟ පන්දු යවන්නා විදිහට. ඒ නිසා වෙල්ලට සමහර විදෙස් තරග අහිමි වුනා. ලංකාවේ තණතීරු දඟ පන්දු යවන්නන්ට හිතැති නිසා අවස්ථාව ලැබුනා.
ඒ නැත්නම් වෙල්ලාට අවස්ථාව ලැබෙන්නේ වනිඳු හසරංග ආබාධ වුනු වෙලාවට… ඒ කන්ඩායමේ Bowling Allrounder විදිහට ක්‍රීඩා කරන්න. ඒත් නැත්නම් තීක්ෂණ අසාර්ථක අවස්ථා වල…
වෙල්ලාලගේ කියන්නේ අපේ හිටපු අවුරුදු 19න් පහල නායකයෙක්… අනාගත ශ්‍රී ලංකා කන්ඩායමේ නායකත්වය පවා දැරිය හැකි උපක්‍රමශීලි නායකයෙක්… ඊටත් වඩා අපිට ඕනි Match Winning Player කෙනෙක්…
කන්ඩායමක පිතිකරුවෝ පන්දු යවන්නෝ කොච්චර හිටියත් වැඩක් නෑ මේ වගේ තරග දිනවන්නෝ නැත්නම්…
වෙල්ලා කියන්නේ තරග දිනවන්නෙක්…
අදත් වෙල්ලා පෙන්නුවේ ඒ අසහාය හැකියාව…
විනය අතින් ගත්තත් ඔය ඉන්න අනිත් ක්‍රීඩකයින්ට වඩා හොඳ PR එකක් තියාගෙන ඉන්න කොල්ලෙක්…
ඉතිං එහෙම සම්පතක් ගැන අපි මීට වඩා සිතිය යුතු වෙනවා. දැන්වත් වෙල්ලාලගේට කන්ඩායමේ ස්ථීර ස්ථානයක් ලබා දිය යුතුයි. කන්ඩායමේ අනිවාර්ය ක්‍රීඩකයෙක් විදිහට ස්ථාවර කල යුතුයි. ඒකෙන් අපිට දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලැබෙනවා විතරක් නෙමෙයි අනාගතයේ දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් එක හොඳ තැනකට ගෙනියන්න පුළුවන් නායකයෙකුත් බිහි වෙනවා.
තාම පරක්කු නැ… දුනිත් වෙල්ලාලගේ කියන්නේ අපිට සම්පතක්… ඒ සම්පත අපි හරියාකාරව රැකගත යුතුයි..
Well Done වෙල්ලා… 👏 කියන්න වචන නැ… උඹේ තාත්තා උඩ ඉදන් අද උඹ ගැන හුගාක් සතුටු වෙනවා ඇති…❤️
✍ | Rishie Bro







