කෝලි ලගටම පැමිණි වනිඳු පිහිට වූ අලුත්ම වාර්තාව මෙන්න

654

 

පකිස්තානය සමග පැවති විස්සයි විස්ස තරගාවලියේ ‘ තරගාවලි වීරයාට ‘ හිමි සම්මානය දිනා ගන්න වනිඳු හසරංග සමත් වුනා.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කෝලිගෙන් පස්සේ වැඩිම වාර ගණනක් තරගාවලි වීරයාට හිමි සම්මාන දිනාගත් ක්‍රීඩකයා බවට පත් වෙන්න වනිඳු හසරංග සමත් වුනා.

මේ වනිඳු තරගාවලි වීරයාට හිමි සම්මානයක් දිනාගත් 6 වෙනි අවස්ථාව… ඉදිරියෙන් ඉන්න කෝලි තරගාවලි වීරයාට හිමි සම්මාන 7ක් ලබාගෙන තියෙයි.

මේ වෙද්දී කෝලි ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමු අරන් නිසා අපේ වනියට මේ Record එක කඩන්න ලොකු අවස්ථාවක් තියෙයි.

වනිඳු පහලින් 5 වතාව බැගින් තරගාවලි වීරයාට හිමි සම්මාන දිනාගෙන ඉන්නේ බාබර් අසාම්, සූර්‍ය්කුමාර් යාදෙව්, ඩේවිඩ් වෝනර් සහ ශකීබ් අල් හසන් වැනි ක්‍රීඩකයින්…

Ape Rata Editor | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!