BREAKING NEWS
Search

එකට ගිහින් සල්ලි දාන්න කලින් දෙපාරක් හිතන්න – ඔබේ අවධානය පිණිසයි…!

48

මා එක්තරා බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීම සඳහා ගියෙමි.එය සවස් කාලය වී තිබූ හෙයින් මුදල් තැන්පත් කිරීම සඳහා ජංගම මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය භාවිතා කිරීමට සිතා යන්ත්‍රය වෙත ගියෙමි.එහි පරිගණක තිරයේ මෙසේ සටහන් වී තිබුණි. “කරුණාකර ඔබේ මුදල් තැන්පත් කරන්න”.. මම මීට පෙර මුදල් තැන්පත් කර ඇති අයෙකු නිසා ඉහත තිරයේ දැක්වුණු විධානය සැක සහිත වූ බැවින් එය අවලංගු (cancel) කොට ප්‍රධාන මෙනුවට ගොස් නැවත මුදල් තැන්පත් කිරීමේ ක්‍රියාවලිය අරඹා මුදල් තැන්පත් කළෙමි.

මීට පෙර මුදල් තැන්පත් කළ පුද්ගලයා ගේ මුහුණ මට විශේෂ වශයෙන් මතක නැති වුව ද ඔහුගේ ක්‍රියාව සැක සහිතය.එනම් ඔහු විසින් ඔහු ගේ ගිණුම වෙත මුදල් ඇතුලත් කිරීමේ ක්‍රියාවලිය අරඹා මුදල් තැන්පත් කිරීමෙන් තොරව ඔහු පිටත්ව ගොස් ය (හිතා මතා හෝ නොදැනුවත් ව). බැරි වෙලාවත් මම, එය එහි ආරම්භක පියවර ලෙස සලකා යන්ත්‍රයට මුදල් ඇතුලත් කලේ නම් මුදල බැර වන්නේ ඔහුගේ ගිණුමට ය .අවශ්‍ය නම් ඔහුට නීතියෙන් ගැලවීමට ද හැකි වනු ඇතැ යි මම සිතමි .එනම් ඔහු මුදල් තැම්පත් කිරීමේ ක්‍රියාවලිය අරඹා තැම්පත් කලයුතු මොහොතේදී එසේ නො කිරීමට හේතු පැවසූ වූයේ නම් හෝ මා ඒ ගැන සැලකිලිමත් නොවුණේ නම් හිතාමතා හෝ නොහිතා වංචාවක් සිදුවීමට ඔහු අතින් ඉඩ තිබිණි.

සෑම විටම මුදල් තැන්පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම යන්ත්‍රය එහි මූලික අවස්ථාවේ පවතී ද යන්න තහවුරු කරගන්න සැක සහිත නම් පවතින මෙනුව අවලංගු කොට නැවත ක්‍රියාවලිය අරඹන්න..

උපුටා ගැනීමකි 🔥🔥🔥




Leave a Reply

Your email address will not be published. Required fields are marked *