අවුරුදු 56ක් හැම බ්‍රහස්පතින්දාවකම සෙට් වෙන අපූරු යහළුවෝ සෙට් එක..! ලොවක් කැලඹූ කතාව

440

 

Sheffield වලට ටිකක් දකුණෙන් තියෙන ‘The White Swan’ පබ් එකේ එක කොනක, හැම බ්‍රහස්පතින්දා රෑම පුදුම දෙයක් වෙනවා—එතන කාලය හරියට නතර වෙලා වගේ.

මේක පටන් ගත්තේ 1968දී. Yorkshire වල ඉගෙනගත්ත ශිෂ්‍යයෝ කට්ටියක්—පෝල්, කෙන්, බිල්, පීටර්, බ්‍රයන් සහ ඩික්—හරිම සරල පුරුද්දක් ඇති කරගත්තා. ඒ තමයි පන්ති ඉවර වෙලා පොඩ්ඩක් ගොල්ෆ් ගහන්න ගිහින්, පස්සේ පබ් එකට සෙට් වෙලා බීර වීදුරුවක් බොන ගමන් කතාබහ කරන එක. ඒක ලොකු පොරොන්දුවක් පිට කරපු දෙයක් නෙවෙයි. “අපි මැරෙනකල්ම මේක කරමු” කියලා ප්ලෑන් එකක් තිබුණෙත් නැහැ. ඒක නිකම්ම බ්‍රහස්පතින්දාට කරන සාමාන්‍ය දෙයක් විතරයි.

දැන් අවුරුදු 56කටත් වඩා වැඩියි. මේ කට්ටියට දැන් වයස 70 ගණන්වල අග සහ 80 ගණන්වල මුල වගේ ඇති. ඒත් මේ කාලය ඇතුළත එයාලට මගඇරිලා තියෙන්නේ බ්‍රහස්පතින්දාවන් 24කටත් වඩා අඩුවෙන් ලු. සෙට් වෙන තැන් Sheffield සහ Rotherham අතරේ එහා මෙහා වුණාට, නීතිය නම් වෙනස් වුණේ නැහැ: එතනට එන්න, හිනාවෙන්න, වාද කරන්න, ආයෙත් හොඳම යාළුවෝ වගේ ගෙදර යන්න.

2020දී කොවිඩ් නිසා පබ් වහපු වෙලාවේ, එයාලා Zoom එකෙන් බ්‍රහස්පතින්දා හමුවීම දිගටම කරගෙන ගියා. ඒකට ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ ඊස්ට් සසෙක්ස්වල හිටපු පරණ යාළුවොත් එකතු වුණා. දැන් එයාලා ඔක්කොම එකතු වුණාම ළමයි 17ක්, මුණුබුරු මිණිබිරියෝ 33ක් සහ මී මුණුබුරු මිණිබිරියෝ 6 දෙනෙක් ඉන්නවා.
රැකියා, ශරීර සෞඛ්‍යය, ප්‍රශ්න—මේ හැමදේම කාලයත් එක්ක වෙනස් වුණා. ඒත් බ්‍රහස්පතින්දා රෑවල් විතරක් කවදාවත් වෙනස් වුණේ නැහැ.

උපුටාගැනීම – Trewin Ranasinghe




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!