BREAKING NEWS
Search

පොරොන්දු ඉටු කරන්න බැරි ආණ්ඩුව දැන් නොහැකියාව වසා ගන්න බොරු කියනවා – නාමල්ගෙන් සටහනක්…

553

බලයට පත් වී පළමු වසර තුළ දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ ආණ්ඩුව, දැන් තම අසාර්ථකත්වයන් වසා ගැනීමට මංමුලා වූවන් ලෙස අසත්‍ය ප්‍රචාරය කරමින් එය වසා ගැනීමේ උත්සාහයක නියැලී සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී ඇති අතර මෙය ගරුතර මහා සංඝ රත්නයට සිදු කෙරෙන බරපතල අගෞරවයකි.

මෙය හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන ලද මඩ ප්‍රචාරයක් පමණක් නොව, අපගේ ගෞවරණීය ආගමික නායකයින් දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරන නින්දිත උත්සාහයකි. එවැනි ක්‍රියා දැඩි ලෙස හෙළා දැකිය යුතුමය. මීට පෙර අවස්ථාවකදීද ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගරු විනිශ්චයකාරවරුන් සහ අධිකරණය ඉලක්ක කරගනිමින්ද මෙවැනිම මඩ ප්‍රචාරයක් ආණ්ඩුවේ අනු දැනුමින් ක්‍රියාත්මක විය.

අප ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර, මගේ පවුලේ සාමාජිකයන් මේ සඳහා ව්‍යාජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව විසින් පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන ආකාරය මෙහිදී පැහැදිලිය.

මගේ පවුලේ අය සහ මම නිරන්තරයෙන් දේශපාලනික වශයෙන් පරීක්ෂණවලට බියෙන් තොරව මුහුණ දී ඇති අතර, ඒ සඳහා විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකරන්නෙමු. අපි රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි අපගේ පූර්ණ විශ්වාසය තබා සිටිමු.

ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් මහජනතාව නොමඟ යැවීම නතර කර ඔවුන් දුන් පොරොන්දු ඉටු කිරීම ආරම්භ කිරීමට කාලය එලැඹ ඇත. නැතහොත් සිදු වන්නේ දිගින් දිගටම බොරු කීමට පමණි. ව්‍යාජ ප්‍රචාරණ, චරිත ඝාතන සහ නීතිය දේශපාලනීකරණය කිරීම යන උපක්‍රම තුලින් ජාතික ජනබලවේගය ඔවුන්ගේ නොහැකියාවන් සහ අසාර්ථක බව වසා ගැනීමට උත්සහ දරන්නේ ඔවුන් මංමුලාවී සිටීම නිසාත් නින්දිත ක්‍රියා සඳහා ඔවුන්ට ඇති පුරුද්ද නිසාත් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *