එක ලී කඳක් රුපියල් කෝටි 100යි… ලංකාවෙත් තියෙනවා කියන මේ අද්භූත රත්තරං ගසේ රහස මෙන්න. වත්තක තිබුණොත් ඔබ කෝටිපතියෙක්!

12630

එක ලී කඳක් රුපියල් කෝටි 100කට කිට්ටු වෙන්න විකුණන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?

ඔව්, ඒක ඇත්තක්. මේක නිකම්ම ලීයක් නෙවෙයි, චීන අධිරාජ්‍යවරුන් සියවස් ගණනාවක් ලෝකයෙන් හංගගෙන හිටපු “Golden Thread Nanmu” නැත්නම් “රන් නූල් නැන්මු” ලීයයි.

ඇයි මේ ලී කෑල්ලක් සුපිරි කාර් එකකට වඩා මිල අධික? මෙන්න හේතු කිහිපයක්!

ලී ඇතුළේ ඇත්තටම රත්තරං තියෙනවද? මේ ලී කඳක් මැදින් කපපුහම ඇතුළේ රත්තරං නූල් වගේ දිලිසෙන ඉරි දකින්න ලැබෙනවා. මේවා නිකම්ම පෙනුමට තියෙන දේවල් නෙවෙයි, ලීයේ තියෙන ස්වභාවික රසායනිකයන් නිසා ඇතිවෙන පුදුමාකාර පෙනුමක්. මේ ලීයෙන් හදන බඩු දිහා බලන කෝණය අනුව ඒවා රත්තරං වගේ බැබළෙනවා.

මේ ගසේ තියෙන පුදුම රහස තමයි මේක කවදාවත් දිරන්නේ නැති එක. වේයෝ කන්නෙත් නැහැ, අව්වට වැස්සට පරණ වෙන්නෙත් නැහැ. ඒකයි අතීත චීන රජවරු තමන්ගේ මාලිගා හදන්නත්, රජවරුන්ගේ මිනීපෙට්ටි හදන්නත් මේ ලී විතරක් පාවිච්චි කළේ.

ඉස්සර කාලේ සාමාන්‍ය කෙනෙක් ගාව මේ ලී කෑල්ලක් තිබුණොත් ඒක මරණ දඬුවම ලැබෙන තරම් ලොකු වරදක්. ඒ තරමටම මේක “රාජකීය” ලීයක් විදිහටයි සැලකුණේ.

සෝෂල් මීඩියා වල ලොකු කතාවක් යනවා මේ ගසට සමාන ගස් ලංකාවෙත් තියෙනවා කියලා. ලංකාවේ තියෙන “කළුවර” වගේ වටිනා දැව එක්ක බලද්දී, මේ ගැන ලොකු කුතුහලයක් දැන් හැමෝම අතරේ ඇති වෙලා තියෙනවා.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!